ඔබ එකවර පුද්ගලයන් දෙදෙනෙකුට ආදරය කරනවානම් දෙවැන්නා තෝරා ගන්න, මන්ද ඔබ පලමුවැන්නාට සැබෑ ලෙස ආදරේ කරනවානම් දෙවැන්නා සමග ආදරයෙන් නොබැඳේ
ජැක් ස්පැරෝ මට හිතෙන්නේ උබට වැරදුනේ මෙතන.පලමු වැන්න එක්ක ආදරේකින් බැදුනේ නැත්නන් ඔහුත් එක්ක ඉන්නේ නෑ නේ. ඒත් වැරදීමකින් හරි රැවැට්ටීමට ගන්න උත්සාහෙකින් හරි දෙවැන්නෙක් ජීවිතේට එන්න පුලුවන් .ඒත් ඒක ඇත්තම ආදරේද? ඊට පස්සේ උබ කියපු එක අලුත් කරහන්.
"ඔබ එකවර දෙවැන්නාට හා තුන්වැන්නාට ආදරේ කරනවනන් තුන්වැන්නා තෝර ගන්න මන්ද ඔබ දෙවැන්නාට සැබෑ ලෙස ආදරය කරනවානන් තුන්වැන්නා සමග ආදරයෙන් නොබැදේ"
උබ කියපු විදිහට ආදරේ කියන්නේ ක්ශනිකව ක්ශනිකව වෙනස් වෙන දෙයක්ද නෑ හොදට හිතල බලහන්.
ඒ ආදරේද සෙක්ස්ද හැගීමක් විතරද කියල.
උබල වගේ උන් කියපු මේ වගේ ගොන් කතාත් අද සමාජේ පිරිහීමට හේතුවක්.
ආදරේ කරන මනුස්සය එක්ක දුක සැප පාලුව බෙදාගන්න පුරුදු වෙන්න කතා කරල ප්‍රශ්න විසද ගන්න.
නන්නාදුනන ආදරයක් ලස්සන වෙයි ඒත් ඒක නිකන් ක්ශනික සහනයක් විතරයි.
අතුරු නරක ප්‍රතිපල බොහෝයි.
හැගීම් ඉස්සර නොකර මොලේ කල්පනා කරල වැඩ කරනවනන් ගොඩක් දෙනාගේ ආදරේ නිසා විනාස වෙන ජීවිත රැක ගන්න පුලුවන්.
No comments:
Post a Comment