Monday, January 28, 2013



එක්ටැම් ගෙදර

කොන්ඩේ කොට හිර කාරිය උබ
කොන්ඩේ වැවෙනකන් බලන් ඉන්න 
කුමාරය මම

Tuesday, January 22, 2013

මට අහිමි නින්ද

හැමදාම රෑට
මම නින්දට ගියේ ඔයාගේ කටහඩ අහල
සමහර දවස් වලට ඔයාගේ කටහඩ අහගෙනම මම නිදි
තවත් දවස් වලට මගේ කටහඩ අහගෙන ඔයා නිදි
ඒත් අද
මගේ කටහඩ අහන් නැතුව ඔයා නිදි
මම අදටත් රෑ එලි වෙනකන් බලන් ඉන්නව ඔයාගේ කටහඩ අහන්න
අපේ ආදරේ මෙච්චරටම ඉවර වෙලාද රත්තරන්?
ඔයට මාව මෙච්චරටම එපා වෙලාද?

Sunday, January 20, 2013

ආදර වැස්ස



රතු වැසි
කොල වැසි
කහ වැහි අස්සේම
මගේ හිතට වැටුනු
ආදර වැස්ස
අමුතුම නිසා
මමත් යැව්ව MR Feelings ට
ආදර වැස්සේ සාම්ලපයක්
එයා කියනව හදුනා ගත්ත ජීවියෙක් ඉන්නවලු ඒකේ
ඒ උනාට ඒ ජීවියා විපර්යාස වලට ලක්වෙලා
කාලයාගේ ඇවෑමෙන් වෙනස් වෙනවලු අදහ ගන්න බැරි විදිහට

Saturday, January 19, 2013

ජැක් ස්පැරෝට වැරදුනු තැන



ඔබ එකවර පුද්ගලයන් දෙදෙනෙකුට ආදරය කරනවානම් දෙවැන්නා තෝරා ගන්න, මන්ද ඔබ පලමුවැන්නාට සැබෑ ලෙස ආදරේ කරනවානම් දෙවැන්නා සමග ආදරයෙන් නොබැඳේ

ජැක් ස්පැරෝ මට හිතෙන්නේ උබට වැරදුනේ මෙතන.පලමු වැන්න එක්ක ආදරේකින් බැදුනේ නැත්නන් ඔහුත් එක්ක ඉන්නේ නෑ නේ. ඒත් වැරදීමකින් හරි  රැවැට්ටීමට ගන්න උත්සාහෙකින් හරි දෙවැන්නෙක් ජීවිතේට එන්න පුලුවන් .ඒත් ඒක ඇත්තම ආදරේද? ඊට පස්සේ උබ කියපු එක අලුත් කරහන්.
"ඔබ එකවර දෙවැන්නාට හා තුන්වැන්නාට  ආදරේ කරනවනන් තුන්වැන්නා තෝර ගන්න මන්ද ඔබ දෙවැන්නාට සැබෑ ලෙස ආදරය කරනවානන් තුන්වැන්නා සමග ආදරයෙන් නොබැදේ"

උබ කියපු විදිහට ආදරේ කියන්නේ ක්ශනිකව ක්ශනිකව වෙනස් වෙන දෙයක්ද නෑ හොදට හිතල බලහන්.

ඒ ආදරේද සෙක්ස්ද හැගීමක් විතරද කියල.
උබල වගේ උන් කියපු මේ වගේ ගොන් කතාත් අද සමාජේ පිරිහීමට හේතුවක්.
ආදරේ කරන මනුස්සය එක්ක දුක සැප පාලුව බෙදාගන්න පුරුදු වෙන්න කතා කරල ප්‍රශ්න විසද ගන්න.
නන්නාදුනන ආදරයක් ලස්සන වෙයි ඒත් ඒක නිකන් ක්ශනික සහනයක් විතරයි.
අතුරු නරක ප්‍රතිපල බොහෝයි.
හැගීම් ඉස්සර නොකර මොලේ කල්පනා කරල වැඩ කරනවනන් ගොඩක් දෙනාගේ ආදරේ නිසා විනාස වෙන ජීවිත රැක ගන්න පුලුවන්.

Tuesday, January 15, 2013

අහිමි නුබ

 නුබ වෙනෙකුගේ බව
දැන දැනත්
මගේ හිත නුබව පතාම
හඩා වැටීම 
විදවීම 
මටම පුදුමයකි
මගේ ලගින් හිද මට ආදරේ කොට
වෙන හදකට ආදරයදීම
හ්ම්..නුබේ වගේ හිතක් මටත් තිබුනානන්
දුකක් නෑ විදවන් නෑ රත්තරන්