හීන ගොඩාක් අරගෙන
ආදරයක් ජීවිතයට එන්නේ
හෙමීන් සීරුවේ
ජීවිතේ ලස්සන කරන්න
අලුතින් ජීවිතේ දිහා බලන්න
අනගතේ ගැන අලුත් බලාපොරොත්තු
ජීවත් වෙන්න අලුත් හීනයක්
ඒ වගේම ජීවිතේට සදාතනික අත්වැලක්
ඒ හීනෙම ඒ අත්වැල බිදල
ඔයාව තනිකරල
ආවට වඩා ඉක්මනට යන්න හදනකොට
මුලු ජීවිතේම ගෙනියන්න හදනකොට
මිනිස්සු පිස්සෝ වෙන එක සාදාරන නැද්ද
Tuesday, April 2, 2013
Sunday, March 3, 2013
කාලයත් එක්ක
මිනිස්සු වෙනස් වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ආදරේ මහා පර්වතයක් වෙලා
කාලයත් එක්ක
ප්රශ්න වැඩි වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ජීවිතේ නොසැලෙන චරිතයක් වෙලා
කාලයත් එක්ක
ජීවිතේ එපා වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ජීවත් කරවන හද ගැස්ම වෙලා
කාලයත් එක්ක
මගේ කාලෙත් හොද වෙද්දී
නුබ හිටියේ නෑ මගේ ලගින්
මොකද
නුබට මම කියන ප්රශ්න පත්තරේට
උත්තර ලියලම එපා වෙලා
Friday, February 22, 2013
මතකද එදා අපි ඉස්සෙල්ලම හම්බුනු මේ පාර
අදත් එදා වගේම දෙපැත්තේ අරලිය මල් පිපිලා
මතකද අර කොනේම තියන ලොකූ ගහ
එදා අපි එතෙන්ට වෙලා ආදරෙන් හිටපු හැටී
කාටත් පෙන්නේ නැති වෙන්න
ඔයගේ දෙතොල් වල දිබ්බ
හාදුව
තාමත් සුවද දෙනව රත්තරන්
අදටත් ඒ සුවද මම හොයනව
එදා වගේම
හැබැයි අර ගහයට ඉදන් නෙවෙයි
පිස්සන් කොටුවක බිත්තී 4ක් ඇතුලට වෙලා
ඔව් පිස්සට අකුනක් වැදිලා
Wednesday, February 20, 2013
Tuesday, January 22, 2013
මට අහිමි නින්ද
හැමදාම රෑට
මම නින්දට ගියේ ඔයාගේ කටහඩ අහල
සමහර දවස් වලට ඔයාගේ කටහඩ අහගෙනම මම නිදි
තවත් දවස් වලට මගේ කටහඩ අහගෙන ඔයා නිදි
ඒත් අද
මගේ කටහඩ අහන් නැතුව ඔයා නිදි
මම අදටත් රෑ එලි වෙනකන් බලන් ඉන්නව ඔයාගේ කටහඩ අහන්න
අපේ ආදරේ මෙච්චරටම ඉවර වෙලාද රත්තරන්?
ඔයට මාව මෙච්චරටම එපා වෙලාද?
මම නින්දට ගියේ ඔයාගේ කටහඩ අහල
සමහර දවස් වලට ඔයාගේ කටහඩ අහගෙනම මම නිදි
තවත් දවස් වලට මගේ කටහඩ අහගෙන ඔයා නිදි
ඒත් අද
මගේ කටහඩ අහන් නැතුව ඔයා නිදි
මම අදටත් රෑ එලි වෙනකන් බලන් ඉන්නව ඔයාගේ කටහඩ අහන්න
අපේ ආදරේ මෙච්චරටම ඉවර වෙලාද රත්තරන්?
ඔයට මාව මෙච්චරටම එපා වෙලාද?
Subscribe to:
Posts (Atom)

