කාලයත් එක්ක
මිනිස්සු වෙනස් වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ආදරේ මහා පර්වතයක් වෙලා
කාලයත් එක්ක
ප්රශ්න වැඩි වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ජීවිතේ නොසැලෙන චරිතයක් වෙලා
කාලයත් එක්ක
ජීවිතේ එපා වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ජීවත් කරවන හද ගැස්ම වෙලා
කාලයත් එක්ක
මගේ කාලෙත් හොද වෙද්දී
නුබ හිටියේ නෑ මගේ ලගින්
මොකද
නුබට මම කියන ප්රශ්න පත්තරේට
උත්තර ලියලම එපා වෙලා
කාලය කියන්නෙ පුදුම දෙයකට..මුණ ගැසීම්, හමුවීම්,එකවීම් සහ වෙන්වීම් හැමදෙයක්ම රැඳෙන්නෙ කාලය එක්ක. නැති වෙන්නෙත් කාලය එක්ක. ආදරය කරන්න පටන් ගද්දී දුක කියන දේත් ඒ එක්කම එකතු වෙනවා.. ආදරය රැඳෙද්දිත් දුක පැත්තකින් තියෙනවා.ඒත් ආදරයේ සතුට දුක වහගන්නවා. සතුට එක්ක ආදරය පලා යද්දී එදා පැත්තකින් උන්න දුක විතරක් ඉතුරු වෙනවා..වෙනසක් නෑ..
ReplyDeleteකාලයට එච්චර දේවල් කරන්න පුළුවන්නම්..දුකත් නැති කරන්න පුළුවන්..ඒ කාලයත් එක්කම..
words verification අයින් කරන්න. අදහස් දක්වන අයට පහසුවක් වෙයි
ReplyDelete