Tuesday, September 1, 2015

අමුතුම ආදරයක්

ජීවිතයේ මා හට අනේක වූ අදුරු කාලයන් පැමින ඇත. විටෙක සතුට විටෙක දුක උරුම වූ ජීවිතයේ මා හට දුකක් ඇතිවූ විට පමනක් මතක් වෙන්නාවූ මාගේ බ්ලොග් පිටුවට මම කරන්නේ ඉතාමත් අසාදාරනයකි නමුදු මෙමගින් මට ලැබෙන්නාවූ මානසික සුවය අනන්ත අප්‍රමානය

මා පටන් ගන්නෙමී මගේ ආදර කතාව මැදක සිට සරලව මැදක්මත් නොව මෙය අවසානයයි

2015/08/26 තවත් එක් බදාදා දිනයකි නමුත් මා එය නොදැන සිටීයෙමි මගේ ආදර සබදතාව නැවතී අදට මාසයකි නමුදු ඈ අදටත් ලබා දෙන්නා වූ දුරකතන ඇමතුමකින් කෙටි පනිවිඩයකින් නැවත නැවතත් මා මැරි මරී උපදින තත්වයකට පත් කර ඇත.ගැහනුන් පුදුමය වටහා ගත නොහැක.මසකින් හරි හැටි නින්දක් නොමැත බඩකට පිරෙනකන් කෑ දවසක් මතක නැත හිතේ සැනසුම කොහෙද නැත.
තවත්  මගේ සුවද පිරුනු මේ කාමරයට වී සිටීමෙන් කිසි පලක් නැති වග එදා මට හැගීගිය හෙයින් මම මෙතෙක් අඩාල වී තිබූ මගේ ඉගනීමේ කටයුතු කෙසේ හෝ ඉස්සරහට කරගෙන යාමට තීරනය කෙරේමි
නමුත් ඇදෙන් නැගිටීමට ඇත්තේ පුදුම කම්මලි කමකි ජන්ගම දුරකතනයේ මූන හොවාගත් ගමන් එසේම බලාහිදී
කෙසේ හෝ ආදරනීයවූ සයනයෙන් මම බැසීමි  හඩ්ඩෙකු ලෙස ජීවිතය ඇදක් මතට වී ගෙව්වා ඇතිය
තුවායද රැගෙන 
"අම්මේ මම අද කොලඹ යනව"
මහන මැශිම සමග සටනක වැදී සිටි අම්මා එකවර මගේ මුහුන බැලීය
"ඇයි හදීසියෙම මේ සතියම lectures නෑ කියල නේද කියුවේ "
මේ මනුස්සයන්ට මම කරන්නේ අසාදාරනයකි මම ගැන කොච්චර බලාපොරොත්තු තබාගෙන ඇද්ද 
"නෑ අම්මේ හදීසියෙම assignment එකක් submit කරන්න වෙලා ඒක නිසා අද යන්න වෙනව"
අම්මා එතනින් නිහඩ විය
මම මගේ බඩුබාහිරාදිය සූදානන් කිරීමට පටන් ගත්තෙමි.වත්ත පහලින් ඇසුනු ශබ්දයකට මම  බැලීමි අම්මා කෙසෙල් කොලයක් කපයි
මම කෙසෙල් කොලේ බත් කෑමට අදික ආශාවක් ඇති බව අම්ම දනී කොලඹ යන විට මා හට මෙන්ම මාත් සමග  එකට වැටිලා ඉන්න උන්හට ලොකු බත් මුලක් බැද දීමට අම්මා කිසිදා අමතක නොකරයි
ගිය සතියේ මම අම්මාට මම යනවාද නොකිය ගෙදරින් පිටව ගිය බැවින් මුලු සතියම අම්මා දැඩි කනස්සල්ලෙන් පසුවූ බව  තාත්තා මට පැවසීය .මොනව කරන්නද අම්මේ මම ඇවිදින මලගෙයකි
අම්මා දුන් බත්පතද ගෙන බෑගයද කරේදමාගෙන මා බස්නැවතුම්පල වෙත යාමට පටන් ගතිමි සාමන්යෙන් highway bus නවත්තන්නේ බස්නැවතුමපල පිටුපසය.
බස් නැවතුම අසලට සේන්දුවත්ම මම දුටුවේ කොලඹ කරා යන්නවූ බස් රථයක් බස්නැවතුම්පල ඉදිරියේ නවත්වා ඇති බවයි
මම දිවගොස් බස් රථයට නැගීමි 
බසයේ වැඩිය සෙනග නැත මම පසුපස ආසන වල සිට මට වාඩිවීමට තැනක් බැලීමි.එක වර මගේ දෑස් බස් රථයේ මැද වෙන්නට සිටි කෙනෙකුගේ නෙතු හා ගැටුනි. හදවතද නතර වෙන්නාසේ දැනුනි ඔව් ඒ මා ආදරය කරනා විනූය මම ආදරේ මට ආදරේ නැති විනූය
මම ගල් ගැසුනාක්මෙන් ඒ ඇස් දිහාම බලා සිටියෙමි මා තත්පරයකට මගේ අතීතයේ අතරමන් විය.දෛවය යනු මෙයද?පුදුම හමුවීමකි මම කෙමෙන් කෙමෙන් ඇය අසලට ලන්වීමි.ඇයගේ ආසන්නයේ තිබූ අසුනේ වෙනත් කෙනෙකු වාඩිවී ඇත.
මට ඇය හා වාඩිවිය යුතුය කතාකර යුතුය වෙනදාමෙන් ඇයව තුරුල් කරගෙන යායුතුය නමුත් ඇය මගෙන් දුරකට ගොස්ය.
ඇය මා සමග සිනහ විය මට සිදුවූයේ කුමක්ද මම නොදනිමි වෙනදාමෙන් පුරුද්දට 
පිටිපස්සට එන්න ශීට් තියනව කියමින් මම ඇය පසුකලේය.
කුමක්දෝ දෙයක්ද මන්දා බස් රථයේ එක ලග අසුන් දෙකක් හිස්ව පැවතීමි.
ඇයි මේ හැමදෙයක්ම මෙහෙම වෙන්නේ මම මගේ හිතින්ම ප්‍රශ්න කලේය
බස් රථයට පාවා උවමනා අපි එකට සිටිනු බැලීමද?
මම වාඩිවී ඇය උන් අසුන වෙත ඇස් යැවීමි ඇය එන පාටක් නොමැත
මා දුරකතනය ගෙන ඇයට ඇමතුමක් ලබා ගත්තෙමි
"හෙලෝ විනූ පිටිපස්සේ මගේ එහා පැත්තේ ඉඩක් තියනව එනවද"
මා බලාපොරොත්තු වූයේ බෑ යන පිලිතුරයි නමුත් එය එසේ නොවීය
"හරි මම එන්නම්"
ඇගේ කටහඩ අවදිවිය
ඈ උන් අසුනෙන් නැගිට කෙමෙන් කෙමෙන් පැමිනි මගේ අසලින් වාඩිවිය
මා ඇගේ දිහා බලාගෙනම සිටීමි ඒ කුමකට දැයි මම නොදනිම මම අහිමිවන නිසා හෝ මා අම්මාගෙන් පසුව මෙලොව වැඩියෙන්ම ආදරය කරන කාන්ථාව නිසා විය යුතුය.
අප දෙදෙනාම  මදකට ගොලුවිය.
"විනූ"මම කටහඩ අවදිකලේමි
"ඇයි"
ඇගේ කෙටි පිලිතුරට මම ආසා නොකලෙමි වෙනදා ඇය එහෙම නැත මටත් වඩා කතා කරන්නේ ඇයයි නමුත් අද?
"ඔයාට කොහොමද?"
ඇගේ පිලිතුර වුයේ හොදයි යන්නයි මා සිතුවේ ඈ පෙරලා ඔයා හොදින්ද හෝ මගෙන් අසාවියන්නයි නමුත් එසේ නොවීය
"ජීවිතේ හරි පුදුමයි නේද විනූ ඇයි අපි දෙන්නම එකම බස් එකේ එකම වෙලාවෙ "
ඈ මාදිහා බලා හිද කිසිත් නොකියා ඉවත බැලීමි.ඒ සමගම ඈ අතවූ බෑගයක් මගේ ඔඩොක්කුව මත හෙවීය
"ඕක ඔහොම පොඩි කරන් නැතුව අල්ලගෙන ඉන්න"ඇයගේ වදන් පෙලවිය
"මොනවද මේකෙ තියෙන්නේ"මා ඇගෙන් විමසීමි
"මම හදපු කෑම වගයක්" මොනවද මේ කෑම කාටද යාලුවොන්ටද මටද වෙනකාට හරිද මට එය ප්‍රශ්නයක් විය
"මොනාද මේ කෑම කාටද?"
"මම හදපු බිස්කට් පුඩින් එකකුයි වටලප්පන් එකකුයි" මගේ කටට කෙල ඉනුවේ මගෙ පෙරේත කමට විය යුතුය
"කාටද අනේ මෙච්චර ගොඩාක් උස්සගෙන යන්නේ"මම ඇසීමි
"ඔය පොඩි වටලප්පන් එක  ඔයාටයි යාලුවොටයි.බිස්කට් පුඩින් එක ලහිරුට" ජීවිතේ හැමදේම කඩා වටෙන්නාක්මෙන් මට දැනුනි ලහිරු ලහිරු ලහිරු මා ජීවිතේ දැන් ඇසීමට  අකමැතිම වචනය නම ලහිරුය.
විනූ මා අතහැර ලහිරු සොයාගොස් අදට මාසයකි .ඈ පවසන අන්දමට මගේ සහ විනූගේ අවුරුදු 6කට වඩා පැරනි සම්බන්දය නැවත්වීමට මම සම්පූර්න ලෙස වරදකරුය.ඈ හට මම එපා වීගොසින්ය.මා  අතහැර දවසක් ඇතුලත වෙනකෙකු සොයා ගියේය
"ඔයා එච්චරට ලහිරුට ආදරේද" තමන් ආදරය කරන කෙනාගෙන් ඇය වෙන කෙනෙක්ට ඇත්තටම ආදරයද යන්න ප්‍රශ්න කිරීමට තරම් මා අසරනය.
"ඔව් ඇත්තටම මම ආදරෙයි ඒත් එයා මට කවදාවත් ආදරේ කරන එකක් නෑ.එයා අදටත් කියන්නේ ඔයාගෙ ලගට ආපහු යන්න කියල.ලහිරුව මට අමතක කරන්න ඕන එයා මට කරපු උදව් වලට සලකන්න මම මේ පුඩින් එක එයාට හදාගෙන ආවේ."
ඇයගේ එම වදන් පෙලින් මම අසරන වී ගියෙමි. සිතට ආප එකම සිතුවිල්ල වූයේ ඇය ආපහු මගේ ලගට ඒවි මට ආදරේ කරාවි අපි ආපහු සතුටින් ඉදීවි යන්නයි
ඈ මගේ සුරතින් අල්ලා ගත්තේ හරියට අපි මීට මාස 2 කට වගේ ප්‍රථම  සිටි හැටි මට මතක් කරමින්ය
ඒ සමගම බස් රථයේ ගුවන් විදුලි යන්ත්‍රය ක්‍රියාත්මක විය
"දුර යන්න හිතුවාට සැගවී හොරෙන්
ඔබ නැතුව මම ඉන්නේ කොහොමද ඉතින්
වාවන්න බැරි කදුලු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්//"
ඒ ගීතයත් සමග මම දැහැනකට සමවැදීමි
ඈ දෙස බලනාවිට යන්තමින් ඇගේ ඇස්මත්තේ ඇති කදුලු දිටිමි
මා ඒවා පිස දැමීය වෙනදා මෙන්ම මහත් සෙනෙහසකින් ආදරයකිනි
ඇය හඩන්නේ මාව මතක්වීද ලහිරුව මතක් වීද
ආදරයනන් පුදුමය
දෑස් තදකරන් අසුනට බරවීමි
ඈද මගේ උරහිසට හිස යොමාගත් බව දැනුනි

Saturday, September 14, 2013



ඇදපන් මචන් උගුරක්
නිකොටීන් නෑ කාබන් නෑ
තනිකරම ශාක සාර ශාක සාර
ඔතපන් මචන් තව පැට්ටෙක්
ඇට අයින් කරල දඩු අයින් කරල
ආපහු උගුරු දෙකක් ඇතුලට
ආ දැන් කාපන් මචන් මේ චොකලට් කෑල්ලත්
ගහගන්නේ නෑ මරා ගන්නේ නෑ
සාමය විතරමයි
අහවල් දේ නැති විට සාමය බිද වැටේ කියන්නේ
විහිලුවට නෙවෙයි

Thursday, June 20, 2013


නුබේ නෙතු මගේ නෙතු

මුන ගැසුනු සෑම විටම
මගේ නෙතු මටත් නොදැනිම
නුබේ නෙතු සමග කතාවක
නැවත වරක් පරන මතක
ආදරයක් දැනෙනවා සිතට
නමුත් මම බයයි
ඔය ඇස් වලට පෙම් බදින්න
මොකද මම ගොඩ ආවේ හරිම අමාරුවෙන්

විවරනය කියවීමි


නුබ කියන ප්‍රශ්න පත්‍රයේ
විවරනය කියවීමි
වැරදුනේ කෙසේදැයි දැන ගනීමට
ඊලග ප්‍රශ්න පත්‍රයවත්
හරියට කිරීමට

Tuesday, April 2, 2013

හීන ගොඩාක් අරගෙන
ආදරයක් ජීවිතයට එන්නේ
හෙමීන් සීරුවේ
ජීවිතේ ලස්සන කරන්න
අලුතින් ජීවිතේ දිහා බලන්න
අනගතේ ගැන අලුත් බලාපොරොත්තු
ජීවත් වෙන්න අලුත් හීනයක්
ඒ වගේම ජීවිතේට සදාතනික අත්වැලක්
ඒ හීනෙම ඒ අත්වැල බිදල
ඔයාව තනිකරල
ආවට වඩා ඉක්මනට යන්න හදනකොට
මුලු ජීවිතේම ගෙනියන්න හදනකොට
මිනිස්සු පිස්සෝ වෙන එක සාදාරන නැද්ද

Sunday, March 3, 2013


කාලයත් එක්ක
මිනිස්සු වෙනස් වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ආදරේ මහා පර්වතයක් වෙලා

කාලයත් එක්ක
ප්‍රශ්න වැඩි වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ජීවිතේ නොසැලෙන චරිතයක් වෙලා

කාලයත් එක්ක
ජීවිතේ එපා වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ජීවත් කරවන හද ගැස්ම වෙලා

කාලයත් එක්ක
මගේ කාලෙත් හොද වෙද්දී
නුබ හිටියේ නෑ මගේ ලගින්
මොකද
නුබට මම කියන ප්‍රශ්න පත්තරේට
උත්තර ලියලම එපා වෙලා

Friday, February 22, 2013



මතකද එදා අපි ඉස්සෙල්ලම හම්බුනු මේ පාර
අදත් එදා වගේම දෙපැත්තේ අරලිය මල් පිපිලා
මතකද අර කොනේම තියන ලොකූ ගහ
එදා අපි එතෙන්ට වෙලා ආදරෙන් හිටපු හැටී
කාටත් පෙන්නේ නැති වෙන්න
ඔයගේ දෙතොල් වල දිබ්බ
හාදුව
තාමත් සුවද දෙනව රත්තරන් 
අදටත් ඒ සුවද මම හොයනව
එදා වගේම
හැබැයි අර ගහයට ඉදන් නෙවෙයි
පිස්සන් කොටුවක බිත්තී 4ක් ඇතුලට වෙලා
ඔව් පිස්සට අකුනක් වැදිලා