Thursday, June 20, 2013


නුබේ නෙතු මගේ නෙතු

මුන ගැසුනු සෑම විටම
මගේ නෙතු මටත් නොදැනිම
නුබේ නෙතු සමග කතාවක
නැවත වරක් පරන මතක
ආදරයක් දැනෙනවා සිතට
නමුත් මම බයයි
ඔය ඇස් වලට පෙම් බදින්න
මොකද මම ගොඩ ආවේ හරිම අමාරුවෙන්

විවරනය කියවීමි


නුබ කියන ප්‍රශ්න පත්‍රයේ
විවරනය කියවීමි
වැරදුනේ කෙසේදැයි දැන ගනීමට
ඊලග ප්‍රශ්න පත්‍රයවත්
හරියට කිරීමට

Tuesday, April 2, 2013

හීන ගොඩාක් අරගෙන
ආදරයක් ජීවිතයට එන්නේ
හෙමීන් සීරුවේ
ජීවිතේ ලස්සන කරන්න
අලුතින් ජීවිතේ දිහා බලන්න
අනගතේ ගැන අලුත් බලාපොරොත්තු
ජීවත් වෙන්න අලුත් හීනයක්
ඒ වගේම ජීවිතේට සදාතනික අත්වැලක්
ඒ හීනෙම ඒ අත්වැල බිදල
ඔයාව තනිකරල
ආවට වඩා ඉක්මනට යන්න හදනකොට
මුලු ජීවිතේම ගෙනියන්න හදනකොට
මිනිස්සු පිස්සෝ වෙන එක සාදාරන නැද්ද

Sunday, March 3, 2013


කාලයත් එක්ක
මිනිස්සු වෙනස් වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ආදරේ මහා පර්වතයක් වෙලා

කාලයත් එක්ක
ප්‍රශ්න වැඩි වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ජීවිතේ නොසැලෙන චරිතයක් වෙලා

කාලයත් එක්ක
ජීවිතේ එපා වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ජීවත් කරවන හද ගැස්ම වෙලා

කාලයත් එක්ක
මගේ කාලෙත් හොද වෙද්දී
නුබ හිටියේ නෑ මගේ ලගින්
මොකද
නුබට මම කියන ප්‍රශ්න පත්තරේට
උත්තර ලියලම එපා වෙලා

Friday, February 22, 2013



මතකද එදා අපි ඉස්සෙල්ලම හම්බුනු මේ පාර
අදත් එදා වගේම දෙපැත්තේ අරලිය මල් පිපිලා
මතකද අර කොනේම තියන ලොකූ ගහ
එදා අපි එතෙන්ට වෙලා ආදරෙන් හිටපු හැටී
කාටත් පෙන්නේ නැති වෙන්න
ඔයගේ දෙතොල් වල දිබ්බ
හාදුව
තාමත් සුවද දෙනව රත්තරන් 
අදටත් ඒ සුවද මම හොයනව
එදා වගේම
හැබැයි අර ගහයට ඉදන් නෙවෙයි
පිස්සන් කොටුවක බිත්තී 4ක් ඇතුලට වෙලා
ඔව් පිස්සට අකුනක් වැදිලා


Wednesday, February 20, 2013


ආදරය කියන
චෙස් පිටියේ
එක පැත්තක රජු මම
කලින් මමයි නුබයි එකට හිටියේ හරි උජාරුවෙන්
ඒත් නුබ හිමීට හිමීට මගේ ලගින් ඈත් වෙලා
චෙස් පිටියේ මැදටම ඇවිත්
අනිත් පැත්තේ 
රැජිනක් නැතුව සෙල්ලන් කරපු ඔහු
ඒත් දැන්
නුබ දෙපත්තටම පොදු 
චෙස් පිටියේ මැද ඉන්න 
එකම එක රැජිනද?

මටත් ආසයි
අද වගේ වැහිදවසක ඔයත් එක්ක වැස්සේ තෙමෙන්න
ඊට පස්සේ ඔයාගේ උනුහුමට කෑදර වෙලා
තුරුලට වෙලා ඉන්න
ඔයාගේ තුරුලේ ඉදන්
අනාගතේ ගැන හීන බලන්න
හීන හරිම විසාලයි රත්තරන්
ඒ හීන වලට මගේ කවි හිතට
හිනා වෙන්න එපා රත්තරන්
කවමදාවත් එපා