Sunday, March 3, 2013


කාලයත් එක්ක
මිනිස්සු වෙනස් වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ආදරේ මහා පර්වතයක් වෙලා

කාලයත් එක්ක
ප්‍රශ්න වැඩි වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ජීවිතේ නොසැලෙන චරිතයක් වෙලා

කාලයත් එක්ක
ජීවිතේ එපා වෙද්දී
නුබ හිටියා මගේ ලගින්
ජීවත් කරවන හද ගැස්ම වෙලා

කාලයත් එක්ක
මගේ කාලෙත් හොද වෙද්දී
නුබ හිටියේ නෑ මගේ ලගින්
මොකද
නුබට මම කියන ප්‍රශ්න පත්තරේට
උත්තර ලියලම එපා වෙලා